විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම්
Sunday, November 5, 2023
ඉතිහාසයේ බිහි වු ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා – නිකොලා ටෙස්ලා
ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?
පළමු ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ සහ දෙවැන්නට ‘නැත’ නම් මේ ලිපිය ඔබ සඳහායි.
උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් !
ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි !
නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.
ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.
දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.
කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි.
ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා “ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා” වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.
එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.
එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
“Tesla, you don’t understand our American humour”
“ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ”
එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.
එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ “ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා” එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.
මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා…
නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.
මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ
“Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents”
ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.
ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත.
අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.
භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.
දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය
ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?
ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර “මුළු ලෝකයටම රැහැන් රහිතව” නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.
නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.
නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.
Monday, October 23, 2023
සිංහයාගේ ගුහාවට තනිව ඇතුළු වූ, ඩෙමෙස්කස් හි යුදෙව්වා

යුදෙව් ඉතිහාසයේ බොහෝ තැන් යුධ කතාවලින් ආඩ්‍ය වුණු ඉතිහාසයක්. මේ ගැන අධ්‍යයනය කිරීමේ දී පැහැදිලිවම පෙනෙන කරුණක් තමයි, යුදෙව්වන් බොහෝ අවස්ථාවල දී යුධමය ක්‍රියාමාර්ගවලින් ලෝකයේ තමන්ට හිමි ස්ථානය ලබා ගන්න උත්සාහ කළා කියන කාරණාව. මේ වගේ යුධමය ක්‍රියාකලාපයන් නිසාම ජර්මනිය සමග ඇති වුණු යුද්ධයේ දී හිට්ලර් අතින් යුදෙව්වන් දහස් ගණනක් සමූල ඝාතනයට ලක් වෙනවා. මේ කියන්නෙ යන්නෙ ඒ කතාව නෙවෙයි. ඊශ්‍රායලය සහ සිරියාව අතර ඇති වුණු සය දින යුද්ධයේ (Six-Day War) “ගොලන් හයිට්ස්” (Golan Heights) මෙහෙයුමේ දී ඊශ්‍රායල් රහස් ඔත්තුකරුවෙකු වූ “එලී කොහෙන්” (Eli Cohen) ඊශ්‍රායලය වෙනුවෙන් දිවි පරදුවට තබමින් තමන්ගෙ දායකත්වය දැක්වූ ඒ ඉතිහාස කතාන්තරය යි.
ඔත්තුකරුවෙකු වීම
1967 වර්ෂයේ සිරියාව හා ඊශ්‍රායලය අතර ඇති වුණු සය දින යුද්ධයේ Golan Heights මෙහෙයුම, ඊශ්‍රායල් හමුදා බලඇණිවලට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ එලී කොහෙන්ගෙ අතිශය දූරදර්ශි සහ වැදගත් රහස් ඔත්තු සැපයීම නිසා යි. මේ යුද්ධයේ නිහඬ යුධ විරුවා වන එලී කොහෙන්, උපත ලබන්නෙ යුදෙව් සම්භවයක් සහිත දෙමාපියන්ට දාව 1924 ඊජිප්තුවේ දී. මේ දෙමාපියන් සිරියාවේ “ඇලෙප්පෝ” කියන ප්‍රදේශයේ ඉඳල, “ඇලෙක්සැන්ඩ්‍රියාවට” සංක්‍රමණය වුණු පිරිසක්. 1949 ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවා ගැනීමෙන් ඉතාම කෙටි කාලයක් ඇතුළත, කොහෙන්ගේ දෙමාපියන් ඔහුගේ සහෝදරයාත් සමග ඊශ්‍රායලයට සංක්‍රමණය වෙනවා. නමුත් දෙමාපියන් සමග ඊශ්‍රායලයට සංක්‍රමණය නොවෙන, කොහෙන් යුදෙව් ක්‍රමවේදයන් සහ යුදෙව්වාදී මතිමතාන්තර සංවිධානය කරමින් ඊජිප්තුවේම නතර වෙනවා. කොහොම නමුත්, 1955 වර්ෂයේ දී ඊශ්‍රායලයේ අවශ්‍යතාවයක් පරිදි, කොහෙන් ඊශ්‍රායලයට කැඳවීමක් කරනු ලබනවා. ඒ රහස් ඔත්තුකාරයෙකු ලෙස පුහුණු කිරීමේ අරමුණින්. පුහුණුව අවසානයේ යුදෙව්වාදී උපායමාර්ගයන්ට සහාය දැක්වීමේ අරමුණින් ඔහු නැවත ඊජිප්තුව වෙත ගමන් කරනු ලැබුවත්, 1956 දී ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර ඇති වන “සිනායි යුද්ධය” (Sinai Campaign) නිසා ඊජිප්තුවේ සිටි සියලුම යුදෙව්වන් පිටුවහල් කරනු ලබනවා. මේ පිරිස සමග කොහෙන්ටත් නැවත ඊශ්‍රායලයට පැමිණෙන්න සිදුවෙනවා. ඊශ්‍රායලයට පැමිණෙන කොහෙන්, 1959 වර්ෂයේ දී “නාඩියා මජාල්ඩ්” (Nadia Majald) සමග විවාහ වී දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට පත්වෙනවා.

සිරියාවේ මෙහෙයුම
1960 දී එලී කොහෙන්, ඊශ්‍රායල් බුද්ධි අංශය වන “මොසාඩ්” සංවිධානයට අනුයුක්තව සිරියාවේ මෙහෙයුමක් සඳහා පිටත් කර හරිනවා. මේ මෙහෙයුම සඳහා විශේෂයෙන්ම කොහෙන්ව සම්බන්ධ කරගන්න හේතු වුණේ, ඔහුගේ අරාබියානු පෙනුම සහ අරාබි, ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා හා සංස්කෘතීන් පිළිබඳ ඔහු සතු වුණු හසල දැනුම් සම්භාරය යි. මේ මෙහෙයුම සඳහා කඩිනමින් සූදානම් වුණු කොහෙන්ගේ මෙහෙයුමේ පළමුවැනි පරමාර්ථය වුණේ, කමාල් අමීන් ටා’අබෙට් (Kamal Amin Ta’abet) නමින් වෙස්වලා ගනිමින්, බුවෙනෝ ප්‍රදේශයේ ජීවත් වීම. මීට හේතුව වුණේ, ඔහු සිරියාව හැර ගොස් ආජන්ටිනාවේ ජීවත් වෙමින් සිටින සිරියානුවෙක් බවට නමක් ඇතිකර ගැනීම යි.
වසරක කාලයක් ඉතා පොහොසත් සහ සමාජසේවා කටයුතුවල නිරත වන ව්‍යාපාරිකයෙකු ලෙස ආජන්ටිනාවේ නමක් දිනාගන්නා ඔහු, දේශපාලඥයින් සහ රාජ්‍යතාන්ත්‍රික දූතයින් සමග ඉතා සමීප සබඳතාවක් ගොඩනඟා ගනු ලබනවා. වයින් සහ ස්ත්‍රීන් ප්‍රිය කරන ඕනෑම ඉහළ නිලධාරියෙකුට කමාල් ලෙස වෙස්ගෙන ඉන්න එලීගෙ නිවස හැමවිටම විවෘතව පැවතුණා. නිලධාරීන් හට මත්වෙන තෙක් මධුවිතින් හොඳින් සංග්‍රහ කරන එලී, තාමත් මත් බවක් අඟවමින් රාජදූතයින් සමග දොඩමළු වී ඉතාම අවධානයෙන් සිට ඔවුන්ගේ රහස්‍ය තොරතුරු එළියට ගනු ලබනවා. මේ ආකාරයට මධුවිතින් සහ ස්ත්‍රීන් උපකාර කර ගනිමින් ඇතිකරගනු ලබන මිත්‍රත්වයක් ආශ්‍රය කර ගනිමින්, 1962 දී ඔහු සිරියාවේ අගනුවර වන ඩෙමෙස්කස් අගනුවරට සංක්‍රමණය වෙනවා. 1964 දී සිරියාව විසින් ඊශ්‍රායලයට ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයක් වන, ජෝර්දාන් නදිය කින්නරෙට් ජලාශය (Lake Kinneret) ආසන්නයෙන් වෙනත් මාර්ගයක් ඔස්සේ හරවා යැවීමට ප්‍රයත්නයක් දරනවා. මේ පිළිබඳ තොරතුරු ලබා ගන්නා එලී කොහෙන්, අදාළ රහස්‍ය තොරතුරු ඊශ්‍රාලයට ලබා දීමෙන් අනතුරුව, ඊශ්‍රායෙල් ගුවන් හමුදාව විසින් හෙලන ලද බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව, උක්ත ප්‍රයත්නය නතර කර දැමීමට කොහෙන් සමත් වෙනවා.
ගොලෙන් හයිට්ස් මෙහෙයුමේ දායකත්වය
Golen Heights මෙහෙයුමේ දී එලී කොහෙන්, ඊශ්‍රායලය වෙනුවෙන් ඉතා ඉහළ රහස් ඔත්තු සේවයක් ලබා දෙනු ලබනවා. ඊශ්‍රායලය සම්පුර්ණයෙන්ම මේ යුද්ධයේ ජයග්‍රහණය කරා එළඹෙන්නේ එලී ලබා දෙන තොරතුරු පදනම් කර ගනිමින්. Golen Heights ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලැබී තිබුණේ, සිරියාවේ ඉහළම හමුදා නිළධාරීන්ට පමණයි. නමුත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය පදනම් කර ගනිමින් එලී කොහෙන්, මෙම ආරක්ෂක විධිවිධාන සියල්ල නිරීක්ෂණය කිරීමට සමත් වෙනවා. මේ ස්ථානයේ දී එලී කොහෙන්, ඉහළ සිරියා නිලධාරීන්ට ඉතා අවංක සහ හේතුසහගත උපක්‍රමයක් සිහිගන්වනවා. සය දින යුධ වික්‍රමයේ ප්‍රධාන යුධ ජයග්‍රහණ උපායමාර්ගය එලී කොහෙන්ගේ මේ උපාය මාර්ගය බව තමයි ඊශ්‍රායල් යුධ ඉතිහාසයේ සටහන් වෙන්නෙ. එලී කොහෙන්ගේ අදහසට අනුව සැඟ වී සිට සූක්ෂමව පහර දීමට නම්, අදාළ ආරක්ෂිත ස්ථානවල ගස් සිටුවිය යුතු බවට සිරියා නිලධාරීන්ට ඒත්තු ගන්වනවා. එවිට ආයුධ සහ හමුදා බලඇණි ගස් අතරේ සඟවා තබමින් පහර දිය හැකි බව ඔහු පැහැදිලි කරනවා. මෙහි හේතුසහගත බව තේරුම් ගනු ලබන නිලධාරීන් අදාළ ප්‍රදේශය තුළ ගස් වැවීම සිදුකරනු ලබනවා. 1967 දී ඊශ්‍රායලය විසින් Golen Heights යුද්ධය සිදුකරනු ලබන අවස්ථාවේ සිරියා බලඇණිවලට ප්‍රහාර එල්ල කිරීමේ දී, එලී ලබා දී තිබූ ඔත්තු ඔස්සේ යමින් මෙම ගස් ගොමු ඉලක්ක කරගත් බව සඳහන් වෙනවා. ඒ අනුව සිරියාවට Golen Heights අහිමි වීමට එලීගේ මෙම උපක්‍රමය ඉවහල් වුණු බව පැහැදිලිවම පෙනෙනවා.

ඔත්තුකරුවාගේ අවසන් ඔත්තුව
1962 සහ 1965 අතර කාලය තුළ එලී කොහෙන්, සිය මව්බිම වන ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ තෙවතාවක් පමණයි. 1964 දී ඊශ්‍රායලය පැමිණි අවස්ථාවේ සිරියා බුද්ධි අංශයේ නව අණදෙණ නිලධාරී, කර්නල් අහ්මඩ් සු’එඩානි (Colonel Ahmed Su’edani) තමා පිළිබඳ සැක කරන බවට ඊශ්‍රායෙල් බුද්ධි අංශයට දැනුම් දී, තමාගේ මෙහෙයුම අවලංගු කරන ලෙස කොහෙන් ඉල්ලා සිටිනු ලැබූවත්, ඊශ්‍රායෙල් බුද්ධි අංශය විසින් අවසන් මෙහෙයුමක් සඳහා නැවත එකම එක් වතාවකට පමණක් සිරියාවට යන ලෙස එලී කොහෙන්ගෙන් ඉල්ලා සිටිනවා.
1965 ජනවාරි මස රුසියාවේ සහාය ඇතිව ඉතා සූක්ෂම ඔත්තු සේවා ග්‍රහණය කර ගැනීමේ උපාංග භාවිතා කරමින් සිරියානු රහස් තොරතුරු ඊශ්‍රායලයට ලබා දෙනු ලබන භෞතික සම්ප්‍රේෂණ ස්ථානය හඳුනාගැනීමට සිරියානු බුද්ධි අංශයට හැකියාව ලැබෙනවා. ඒ අනුව 1965 දී සිරියානු හමුදාව විසින්, රහස් තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන අතරතුර අවස්ථාවක දී එලී කොහෙන් අත්අඩංගුවට ගනු ලබනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුද්ධාධිකරණය දඬුවම් ලිහිල් කර ගැනීමට කොහෙන් උත්සාහ කරනු ලැබුවත් ජාත්‍යන්තර නායකයින්, රාජ්‍යතාන්ත්‍රික දූතයන් සහ IV වැනි පාවුල් පාප්වහන්සේ විසින් පවා ඉදිරිපත් කළ සියලුම අභියාචනා සිරියානුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ අනුව ඔහුට අවසන් වතාවට සිය බිරිඳට ලිපියක් ලිවීමටත්, ඉතා කෙටි වේලාවකට යුදෙව් ධර්මාචාර්යවරයෙකු මුණගැසීමටත් පමණක් අවස්ථාවක් ලබාදුන් අතර 10,000කට අධික ජනතාවක් ඉදිරියේ එල්ලා මරා දැමුණා.

එලී කොහෙන්ගේ පවුලේ ඥාතීන්, ඔහුගේ සිරුරේ ඉතිරි වූ කොටස් ඊශ්‍රායල් භූමියේ භූමිදානය කිරීමේ අරමුණින්, නැවත ඊශ්‍රායලයට බාර දෙන ලෙස ඉදිරිපත් කළ සියලුම ඉල්ලීම් සහ පෙත්සම් සිරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෑත කාලීනව 2009 වර්ෂයේ දී, XVI වන බෙනඩික් පාප් වහන්සේට මේ සඳහා මැදිහත් වන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටිනු ලැබූවත්, එලී කොහෙන්ගේ සිරුරේ කිසිඳු කොටසක් මේ වනතෙක් ඊශ්‍රායලයට බාර දීමට සිරියාව කටයුතු කර නැහැ.
එලී කොහෙන්ගේ ජාතිමාමකත්වය සහ නිර්භීතභාවය ඔහුට සමස්ථ ඊශ්‍රායෙල් රාජ්‍යයේ ගරුබුහුමන් ලැබීමට තරම් හේතු වුණා. ඔහුගේ 40 වැනි ගුණානුස්මරණයේ දී ඊශ්‍රායෙල් අගමැති ඒරියල් ශැරෝන් (Ariel Sharon) ඔහු පිළිබඳව සඳහන් කළේ, “සිංහයාගේ ගුහාවට තනිව ඇතුළු වූ පසු පුරාවෘතගත වූ සටන්කරුවා” (Fighter who become a legend when he entered Lion’s den alone) යනුවෙනුයි. සිංහයාගේ ගුහාවෙන් පණ රැක ගනිමින් නැවත එළියට පැමිණීමට නොහැකි වූවත්, ඊශ්‍රායල් ඉතිහාසය තුළ හා යුදෙව් හදවත් තුළ ඔහුගේ නාමය “ඩෙමෙස්කස් හි අපේ මිනිසා” (Our Man in Damascus) යනුවෙන් අදටත් විරුදාවලී ලබනවා.

මීට අමතරව තවත් කාරණාවක් මතක් කරන්න කැමතියි. එලී කොහෙන්ගේ ජීවිත කතාව අලලා මේ වන විට The Spy නමින් කෙටි ටෙලිකතා මාලාවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. ඔහුගේ ජීවිත කතාව රූපරාමු සමග නැරඹීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාවක් එළඹිලා තියෙන බවත් මෙයින් දැනුම් දෙනවා.
ගත්තේ මෙතනින්
https://roar.media/sinhala/main/history/eli-cohen-six-day-war-golan-heights
ඊශ්‍රායලයේ " මොසෑඩ්" රහස් ඔත්තු සේවාවේ සිටි කීර්තිමත් රහස් ඔත්තුකරුවෙක් වන එලී කොහෙන් ( Eli Cohen) විසින් පළදන ලද බව කියන අත් ඔරලෝසුව වසර 53 කට පසුව සොයා ගැනීමට එම රහස් ඔත්තු සේවයට හැකිවූ බව එරට අගමැති කාර්යාලය වාර්තා කරනවා.
ජිප්තුවේ උපත ලැබූ Eli Cohen ඊශ්‍රායලය විසින් මොසෑඩ් ඔත්තු සේවාව සඳහා බඳවා ගනු ලබන්නේ 1960 වසරේදී. ඔහු ඉන් පසුව සිරියාවේ සිට එම රජයේ රහස් සියල්ලම ඊශ්‍රායලයට ලබා දීමට කටයුතු කළ විශිෂ්ඨ ඔත්තුකරුවෙක් බවයි මොසෑඩ් සංවිධානය හදුන්වනු ලබන්නේ.
කෙසේ වුවත් රාජ්‍ය රහස් ලබා දීම සම්බන්ධයෙන් 1964 වසරේදී ආරක්ෂක අංශ විසින් Eli Cohen ව සිරභාරයට ගන්නා අතර පසුව 1965 දී සිරියාවේ, දමස්කස් අගනුවරදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දමනු ලැබුවා.
එසේ එල්ලා මරා දමන ලද Eli Cohen ගේ සිරුර තැන්පත්කළ ස්ථානය පවා රහසක් වශයෙන් තබා ගැනීමට සිරියානු බලධාරීන් පියවර ගත් අතර මෙම අත් ඔරලෝසුව ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පැලඳ සිට ඇති බවටයි වාර්තා වන්නේ.
මොසෑඩ් සංවිධානය විසින් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව Eli Cohen විසින් පළඳන ලද අත් ඔරලෝසුව යලි ඊශ්‍රායලය බලා රැගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.
1962 වසරේදී ව්‍යාපාරිකයෙක් වශයෙන් ව්‍යාජව පෙනී හිදිමින් සිරියාව සමග ගනුදෙනු කිරීමට පටන් ගන්නා ඔහු අවස්ථා ගණනාවකදී එහි සංචාරයේ නිරත වෙමින් ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිරතව සිට තිබෙනවා. සිරියානු දේශපාලකයින් සහ උසස් බලධාරින් සමග ඇති කර ගත් යහපත් සම්බන්ධතා හේතුවෙන් එරට රාජ්‍ය රහස් විශාල වශයෙන් දැන සිටි පුද්ගලයෙක්වූ Cohen ඒවා නියමිත ආකාරයට ඊශ්‍රායලයට ලබා දීමට පියවර ගනු ලැබුවා.
එසේ ලබා දුන් තොරතුරු අතර 1967 වසරේ අරාබි යුද්ධයේදී ගෝලන් හයිට්ස් හිදී සිරියානුවන් පරාජය කිරීමට Eli Cohen ඝාතනය වීමට පෙර ලබාදුන් තොරතුරු ඉවහල් වී තිබෙනවා.
සිරියාව වරක තම රටේ නියෝජ්‍ය ආරක්ෂක අමත්‍යවරයා ලෙස Eli Cohen තෝරා පත්කර ගැනීමේ සුදානමක් පැවති බවද සදහන්.
එලෙස සොයා ගනු ලැබූ Eli Cohen ගේ අත් ඔරලොසුව පසුගියදා ඔහුගේ බිරිඳ වෙත ලබාදීමට එරට අගමැති කාර්යාලයේදී සිදුවිය. එහිදී අගමැති බෙන්ජමින් නෙතන්නියාහු කියා සිටියේ " ඊශ්‍රයලයේ ආරක්ෂාව වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් සිදුකළ පුද්ගලයෙකු වෙනුවෙන් ඔහුගේ මතකය රඳවා තැබීමට හැකි සිහිවටනයක් යලි මව්බිමට රැගෙන ඒම වෙනුවෙන් සිදුකළ කැපකිරීම් වෙනුවෙන් තමන් "මොසෑඩ්" ඔත්තු සේවයේ නිලධාරින් පිළිබඳව සතුටට පත්වන බවයි."
Sunday, September 3, 2023
කළුගංතොට තේක්ක මන්දිරය





