Sunday, November 5, 2023

 විශිෂ්ඨ මොසාඩ් මෙහෙයුම්



Elie Cohen නම් විශිෂ්ඨ ඔත්තුකරුවා
1960 දශකයෙ මුල් භාගය වනවිට සිරියාව අරාබි රටවල් සියල්ල අතරින් ඊශ්රයාලයට වැඩිම හිසරදයක් ගෙන එන රාජ්යය ලෙස ඉදිරියට පැමිණෙමින් තිබුනා. ඊශ්රයාලා සිය පරම සතුරා ලෙස සැලකකූ ඔවුන් හැකි සෑම විටම පහර දීමට බලා සිටියා. වරින් වර ත්රස්ථ කණ්ඩායම් දේශසීමා කලාපය තුලට එවමින් පහර එල්ල කරමින් සිටි ඔවුන් ජෝර්දානය හරහා ඊශ්රයාලයේ Arid negev කලාපයට ජලය ලබා ගැනීමට සැලසුම් කරන ලද ජලනල ව්යාපෘතියකටද බාධා එල්ල කරමින් සිටියා. මේ නිසා සිරියාවේ විශේෂ මෙහෙයුම් සහ රහස් ගණුදෙනු සම්බන්ධව නිරාවරණය කර ගැනීමට හැකි ඔත්තුකරුවකුගේ දැඩි අවශ්යතාවයක් මොසාඩ් සංවිධානයට ඇතිවුනා. මේ සඳහා ඉතා විශ්වාසවන්ත දැඩි පලපුරුද්දක් සහිත නිර්භීත පුද්ගලයෙක් අවශ්යවුනා. 1950 දශකයේදී ඊජිප්තුවේ වෙසෙමින් ඊජිප්තු රජයට එරෙහිව විවිධ ප්රහාර ගණනාවක් මෙහෙයවූ පසුව ඊජිප්තු රජයෙන් බේරීමට ඊශ්රයලයට පලා ආ Elie cohen වෙත මොසාඩ් අවධානය යොමුවුනේ ඉහත සියලු සුදුසුකම් Elie සතුවූ නිසායි. ඒ වනවිට සුළු ව්යාපාරයක් කරමින් සාමාන්යය ජීවිතයක් ගතකරමින් සිටි ඔහු කිහිප වරක්ම ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව මොසාඩ් ඉල්ලීමට එකඟත්වය පල කරනු ලැබුවා.
Elie Cohen
බඳවා ගැනීමෙන් පසු Cohen ගේ පුහුණුව ඉතා දුෂ්කර වෙහෙසකාරී එකක් වුයේ සෑම දිනකම විවිධ අභ්යාස හා ක්රියාකාරකම් වලට මුහුණදීමට සිදුවූ නිසාය. පුහුණුවේ මුල්ම ක්රියාකාරකම වුයේ විවිධ දේවල් ක්ෂණිකව මතක තබා ගැනීමට හුරුකරවීමයි. ඉන් පසු විවිධ අවිවර්ග හඳුනාගැනීමටත්, වීදිවල ගමන් ගනිද්දී ඔහු හඹා එන පුද්ගලයන් හඳුනා ගන්නා සැටිත් පුහුණු කෙරුණා. කුරාණය සහ ඉස්ලාම් වන්දනා ක්රමයන්ද හදාරන්න ඔහුට සිදුවුනා. රේඩියෝ සංඟ්යා ආශ්රයෙන් පණිවුඩ යැවීමත් විවිධ මානසික පරික්ෂාවන්ට මුහුන දීමටත් පුරුදු කිරීමෙන් අනතුරුව ඔහුට පුහුණු මෙහෙයුමක් ලබා දුන්නා. ඒ අනුව ප්රංශ ගමන් බලපත්රයක් සහිත ඊජිප්තු ජාතික සංචාරකයෙක් වශයෙන් ජෙරුසලමේ දින දහයක් සංචාරය කිරීම එම අභියෝගයයි. ඔහු විවිධ පුද්ගලයන් හා සම්බන්ධවෙමින් මිතුරන් ඇතිකරගනිමින් සැක නොසිතන ආකාරයෙන් එම කාලය ගතකල යුතුව තිබුනා. මෙම අභියෝගය ජයගත් ඔහු පුහුණු කාලය නිමවා නිවසට පැමිණෙන විට ගැබිණිව සිටි බිරිඳ දියණියක් බිහිකර තිබුනා.
මෙහෙයුමේ ආරම්භය සනිටුහන් කරමින් Elie හට අලුත් නමක් සහ අලුත් ජීවිත කතාවක් ලැබුනා. මින් ඉදිරියට ඔහු හැඳින්වුනේ ලෙබනනයේ උපත ලද ආර්ජන්ටිනාවේ වාසය කරනා සිරියානු දෙමාපියන් යුවලකට දාව උපත ලද Kamal Amin Tabet යනුවෙනි. මෙහෙයුමට ප්රථ්මව තම බිරිඳට ඔහු පැවසුවේ ඊශ්රයාල ආරක්ෂක අංශ වෙනුවෙන් යුරෝපයේ විවිධ කටයුතු උදෙසා වරින් වර යෑමට තමන්ට සිදුවන බවයි. සූරිච් , චිලී හරහා ආර්ජන්ටිනාවට ලඟා වු ඔහු කුඩා නිවහනක රැදී සිටිමින් මාස තුනක් ස්පාඟ්ඟ භාෂාව ඉගෙන ගනිමින් පරිසරයට හුරුවෙමින් සිටියා. ඉන් පසු වරින්වර අරාබි අවන්හල් සහ අරාබි සමාජය ඇසුරුකරමින් විශාල ව්යාපාරිකයෙක් වශයෙන් හඳුන්වා දෙමින් ඔවුන් ඇසුරු කරන්නට පටන් ගත්තා. අරාබි ජනයාගේ සුබසාධනය වෙනුවෙන් විශාල පරිත්යාග සිදුකිරීමට ඔහු ක්රියා කරනු ලැබුවා. මේ අනුව ඉතා කෙටිකලකින් ආර්ජන්ටිනාවේ අරාබි ජාතිකයන් අතර කැපීපෙනෙන චරිතයක් බවට පත්වන්නට ඔහුට හැකිවුනා. එහි ප්රතිපලයක් ලෙස ආර්ජන්ටිනාවේ සිරියානු තානාපති කාර්යාලයේ විවිධ උත්සවවලට ආරාධනා ලැබීමටත් එහි සිටි සිරියානු ඉහළ පෙලේ හමුදා නිළධාරීන් ඇසුරු කිරීමටත් ඔහු අවස්ථාව උදාකරගත්තා. මේ සියලු සම්බන්ධතා භාවිතා කරමින් තමන්ට නැවතත් සිරියාවට යාමට අවශ්යය බව ඔවුන්ට අඟවමින් 1961 වසරේ අගභාගයේදී ඔහු සිරියාවට ලඟාවුනේ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්යය විවිධ තාක්ෂණික උපකරණ රැසක්ද සමගයි.
සාමාන්යය ඔත්තුකරුවන් වැඩි අවධානයක් යොමු නොවන ලෙස සැඟවී තම කාර්යන් ඉටුකලත් Elie ගේ මෙහෙයුම අනුව ඔහු සිරියානු සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වියුතුව තිබුනා. මේ නිසා ඔහු විශාල මුදලක් ගෙවා සිරියානු හමුදා මූලස්ථානය අසලින් සුඛෝපභෝගී නිවහනක් වෙන්කරගනු ලැබුවා. සිරියානු රජයේ ඉහළ බළධාරීන්ගේ සහ ඉහළම ව්යාපාරිකයන්ගේ නිවාසද පිහිටියේ මේ ආශ්රිතවයි. ඉතාම කෙටි කලකින් සිරියානු දේශපාලකයින්ගේ මිතුරු සමාගමයට එක්වීමට ඔහුට හැකිවුනේ ආර්ජන්ටිනාවෙන් ඔහු සාදාගත් සබඳතා යොදාගනිමින්ය. ඔහුගේ නව මිතුරන් විවිධ ව්යාපාරිකයන්ට ඔහු හදුන්වා දුන් අතර ඉන් දෙදෙනෙ මෙම තරුණ මිලියනපතියාට තම දියණියන් විවාහ කරවීමටද උත්සාහයක නිරත විය. විවිධ කටයුතු සදහා මුදල් පරිත්යාග කරමින් දිනෙන් දින තම සබඳතා ජාලය ශක්තිමත් කරගැනීමට කටයුතුකරනු ලැබුවා. ඉහළ සිරියානු දේශපාලකයන්ගෙ ඇසුරට වැටුනු Elie ප්රියසාද අතරතුර ඔවුන්ගෙ කතාබස් අතරින් ලබාගන්නා වැදගත් තොරතුරු දිනපාතාම උදෑසන අටට රේඩියෝ තරංග භාවිතයෙන් මොසාඩ් මූලස්ථානයට වාර්තාකරමින් සිටියා. හමුදා මූලස්ථානය ආසන්නයේම නිවස පැවති නිසා යම් පරීක්ෂාවකින් වුවත් හමුදා සංඟ්ඟා සහ Elie ගේ වාර්ථාවන් අතර වෙනස වටහා ගැනීමට අපහසුවෙනවා. මේ අතරතුර වරින් වර ආර්ජන්ටිනාවට සහ යුරෝපයට ව්යාපාරික හේතුමත් ගමන් කරනා බව අඟවමින් තම බිරිඳ සහ දරුවන් බැලීමට යාමටද ඔහු කටයුතු කරනු ලැබුවා. සිරියානු බාත් පක්ෂයේ නැගීසිටීම නිරීක්ෂණය කර Elie පක්ෂ අරමුදලට විශාල ලෙස ආධාර කරමින් ඔවුන්ට ලංවෙන්නට වුනා. ඔහුගේ අනුමානය නිවැරදි කරමින් බාත් පක්ෂය කුමන්ත්රණයක් මගින් සිරියානු බලය අල්වාගන්නා විට ඔහුගේ ආර්ජන්ටිනාවේ හමුදා මිතුරා ආණ්ඩුවේ ඉහල පෙලේ තනතුරකට පත්වුනා. මේ අනුව නව ආණ්ඩුවේ ඉහළම නිළධාරීන්ගේ ලඟම මිතුරකු වීමට ඔහුට හැකිවුනා.
දිනපතාම විවිධ රජයේ සහ හමුදා නිළධාරීන්ට විශාල සාදයන් සංවිධානය කරමින් ඔවුන් තම නිවසට ගෙන්වාගත් Elie සිරියානු ජනාධිපතිවරයාද වරින්වර ඒවාට ගෙන්වාගන්නට සමත්වුනා. ජනාධිපති ආර්යාවට මිළ අධික ත්යාගයන්, ස්වර්ණාභරණ ලබාදීමද මේ අතරට අයත්වුනා. විවිධ නිළධාරීන්ට සාදයන් අතරතුර ගණිකාවන්ගේ පහස ලබාදෙමින් ඔවුන්ගේ මනදොල සපුරන්නටද අමතක කලේ නැහැ. හමුදා නිළධාරීන් රහස් මෙයහෙයුම්, දේශපාලකයින්ගේම් විව්ධ ප්රතිපත්ති සාකච්චා කරනා තැනක් බවට ඔහුගේ ආලින්දය පත්ව තිබුනා. මේ සියල්ලට දායක වෙමින් ලබාගන්නා සියලු තොරතුරු දිනපතාම මොසාඩ් මූලස්ථානයට වාර්ථා කරමින් තිබුනා. බාත් පක්ෂයේ වැදගත් සාකච්ඡා සදහා සම්බන්ධවූ ඔහු හමුදාවේ සිදුවන සියලුම කටයුතු දැන සිටියා. සිරියානු හමුදාවේ රහසිගත මෙහෙයුම්, අවිආයුධ මිලදීගැනීම් සියල්ලම ඔහුට රහසක් නොවීය. ඊශ්රයාලා දේශසීමාවේ පවතින සිරියානු හමුදා කදවුරු නිරීක්ෂනය කිරීමට යාමටද ඔහුට හැකියාව ලැබුනේ ඉහළම හමුදා නිලදාරීන්ගේ ආරාධනාවලට අනුවයි. මේ හමුවීම් අතරතුර ඊශ්රයාලය සමග දැඩි වෛරයකින් පසුවන බවට සෑමවිටම ඔවුන්ට ඇඟවීමට ඔහු අමතක කරේ නැහැ. සිරියානු සෙබලුන් රැදීසිටින රහස් බංකර අවට සෙවණ උදෙසා ගස් වවන ලෙස ඔවුන්ට යෝජනා කෙරූ Elie පසු කලක එම ගස් සහිත ස්ථාන ඉලක්ක කර ගුවන් ප්රහාර එල්ල කරන ලෙස ඊශ්රයාලයට දැනුම දුන්නා.
මේ අතර සිරියානු ඊශ්රයාල ගැටීම් සිදුවු අතර ඒ සෑම අවස්ථාවකම සිරියානු දේශ සීමාවේ පහරදියයුතු තැන් සහ එක් එක් තැන්වල අවි බලය ඊශ්රයාල හමුදා දැන සිටියා. ඒ සියල්ලටම Elie ගෙන් ලබාගත් තොරතුරු හේතුවුනා. ඊශ්රයාල ජල ව්යාපෘතියට බාධාකරමින් අනෙක් අරාබි රටවල් හා සිරියාව සිදුකරනලද ව්යාපෘතිය බාර ව්යාපාරිකයා ඇසුරු කරමින් තොරතුරු ලබාගත් ඔහු එම ව්යපෘතිය විනාශ කිරීමට අවශ්ය ප්රහාර එල්ල කලයුතු ආකාරය මව් රටට තොරතුරු ලබාදුන්නා. මෙම ව්යාපාරිකයා (

Saudi Binladin Group )

වූයේ අන් කවරෙකුත් නොව ඔසමා බින් ලාඩන්ගේ පියායි.
මෙම කටයුතු අතරතුර ක්රමක්රමයෙන් සිරියානු බුද්ධි අංශ ඊශ්රයාලයේ ක්රියාකාරකම් සම්බන්ධව සැක පහල කරමින් සිටියා. සිරියානු රජයේ රැස්වීම් අතරතුර ගන්නා තීන්දු තීරණ පසුදින ඊශ්රයල රජයේ ගුවන් විදුලියේ විකාශය වූ අවස්ථා ඔවුන්ට හමුවුනා. හමුදා මෙහෙයුම් අතරතුර ඊශ්රයාලය තෝරාගත් නිවැරදිම ඉලක්කයන්ට පහරදීමත් ඔවුන්ගේ විමතියට හේතුවුනා. සිරියාවේ ඉහළම තනතුරක ඊශ්රයාලා ඔත්තුකරුවෙක් සිටිනබවට ඔවුන්ට අවබෝධවීමට පටන් ගත්තා. ඔහු තොරතුරු ලබාදියයුතු රැහැන් රහිත විකාශන ක්රමය සොයා බැලීමට කිහිප වරක් දරණ ලද උත්සාහයන් ව්යාර්ථ වුනා. දිගින් දිගටම සිදුවූ අසාර්ථක වීම් රාශියකින් පසු 1965 ජනවාරි මස දිනයක ඔවුන්ගේ වාසනාව උදාවුවා. මෙය සිදුවූයේ ඉතාම අහඹු ලෙසයි. සෝවියට් රුසියාවෙන් ගෙන්වන ලද නව තාක්ෂණික උපකරණ සවිකිරීම උදෙසා සියලුම සිරියානු හමුදා විකාශනයන් ජනවාරි 7 වැනිදා පැය විසිහතරකට නවතා දමනු ලැබුවා. නමුත් මේ අතරතුර රේඩියෝ සංඟාවක් ක්රියාත්මක වීම එක් හමුදා නිළධාරියෙක් විමතියට පත්කරවන්නට හේතුවුනා. වහා ක්රියාත්මක වුනු බුද්ධි බලකායන් සංඟාව සොයා යාමට පටන් ගත්තත් නිවැරදි ස්ථානය සොයා ගැනීමට පෙර විකාශනය ඇණසිටියා. කෙසේ නමුත් සංඟාව පැමිණි දිශාව යොමුවී තිබුනේ Kamal Amin Tabet ගේ නිවස දෙසටයි. නමුත් ඔහු සිටියේ ඔවුන්ගේ සැකයට භාජනය නොවන තරම් ඉහල දේශපාලන ස්ථරයකයි. එය වැරදීමක් ලෙස ඉවත දැමූ ඔවුන් නැවත ක්රියාත්මක වුනේ සවස් කාලයේද සංඟා ලැබෙන්නට වූ නිසාවෙනි. නැවතත් Kamal ගේ නිවස දෙසට සැකය එල්ල වුනා.
පසුදින හරියටම උදෑසන අටට Elie ගේ සුඛෝපභෝගී නිවසේ දොර බිඳ දමමින් ඇතුලු වූ සිරියානු බුද්ධි අංශ විසින් සන්නිවේදනය අතරතුරම Elie අල්වාගනු ලැබුවා. මෙම ප්රවෘතිය සම්පූර්ණ සිරියානු දේශපාලනයම සහ ආරක්ෂ අංශ කළඹවනු ලැබූ පුවතක් බවට පත්වුනා. ජනාධිපතිගේ පුද්ගලික මිතුරකු, ආරක්ෂක නිළධාරීන්ගේ ගජ මිතුරකු ඔත්තුකරුවකු වීම අදහාගත නොහැකි සිදුවීමක් වුනා. විශේෂ පරීක්ෂන කිහිපයකින්ම Elie ඔත්තුකරුවෙක් බව තහවුරුවෙමින් තිබුනා. අතඩංගුවට ගත් Elie Cohen හමුවීමට සිරියානු ජනාධිපතිවරයාද පැමිණියා. ඔහු Elie ගෙන් කුරාණයේ පාඨයන් විමසා සිටිමින් Elie එහිදී දැක්වූ දුර්වලතා හේතුවෙන් Elie යුදෙව්වෙකු බව ඔහු ව්සින් පුද්ගලිකවම වටහාගත්තා. Elie ගේ අත් අඩංගුවට පත්වීම සිරියානු ඉහළ පැලැන්තියේ දෙදරායාමක් ලෙස හදුන්වනු ලැබුවා. ඔහු ඇසුරු කර සියලුම ප්රභූන්වෙත සැකය එල්ලවීම ප්රාධාන ගැටළුවක් වුනා. මේ නිසා බුද්ධි අංශවලට විමර්ශණ කටයුතු සිදුකිරීමද අපහසුවුනා. තමන් සමග ගණුදෙනු කරන ලද සිරියාවේ සිටි ඊශ්රයල සහකරුවන් පාවා නොදීසිටිමට Elie වග බලාගත්තා.
Elie Cohen අතඩංගුවට පත්වනතුරු ඔහුගේ භූමිකාව පවුලේ සාමාජිකයන් කිසිවෙක් දැනසිටි නොමැති අතර ඊශ්රයාලය තුල ඔහුගේ අත් අඩංගුවට පත්වීමේ ප්රවෘත්ති වාරණය කරනු ලැබුවා. Elie ගේ බිරිඳ මුලින් සිතාසිටියේ සිරියානු දේශසීමාව හරහා යාමට ගොස් ඔහු අත් අඩංගුවට පත ඇතැයි යනුවෙනි. නමුත් තමන්ගේ සැමියා මොසාඩ් ඔත්තුකරුවෙක් බව දැනගත් විට ඇය සිහිසුන්ව ඇදවැටුනා. Elie ගේ බිරිඳ ඇතුලු හිතවතුන් හරහා ඊශ්රයාල රජය රහසින් සාධාරණ විනිශ්චයක් වෙනුවෙන් නීති කටයුතු කිරීමට උත්සාහ කලත් ඒවා ව්යාර්ථවුනා.
විශේෂ හමුදා අධිකරණයේ පැවති නඩුවිභාගයේ විශේෂත්වය වුයේ එහි විනිශ්චයකරු සහ බොහෝ නිළධාරීන් ඔහුගේ ලඟම හිතවතුන්ව සිටි අය වීමයි. Elie නියෝජනය කිරීමට නීතිවේදියෙකු ලබාදීමත් ප්රතික්ෂේප කෙරුනා. නඩු විභාගය රූපවාහිනියේ විකාශය කෙරුණු අතර Elie ගේ පවුලේ සාමාජිකයන්ද එය නරඹනු ලැබුවා. සැලසුම් කර ආකාරයෙන්ම අවසානයේ මරණ දඬුවමට තීන්දුවූ Elie ගලවා ගැනීමට ජාත්යන්තර සංවිධාන රැසක් උත්සාහ කරනු ලැබුවත් සිරියාව ඒ සියල්ල ප්රතික්ශේප කරමින් 1965 මැයි මස 18 වන දින රාත්රියේ Elie ප්රසිද්ධියේ එල්වා මරා දමනු ලැබුවා. එල්ලා මරා දැමීමට පෙර බිරිඳ අමතා ලියුමක් යැවූ ඔහු ඇයට නැවත විවාහවී දරුවන්ට පියෙකුගේ රැකවරණය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. Elie ගේ භශ්මාවශේෂ කොටස් ඊශ්රයාලය වෙත ලබානොදී සිටීමට තරම් සිරියාව ඊශ්රයාලය සමග වෛරයකින් පසුවුනා.
මොසාඩ් ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාස්යේ සිටි විශිෂ්ඨතම ඔත්තුකරුවකු ලෙස Elie Cohen හැදින්වෙනවා.

එල්ලා දැමුණු අවස්ථාව
Elie Cohen සහ බිරිඳ විවාහ උත්සවයේදී



All reactions:
Dilum Rathnamala Hapuarachchi, Pradeep Amarasena and 1 other

 ඉතිහාසයේ බිහි වු ශ්‍රෙෂ්ඨතම විද්‍යාඥයා – නිකොලා ටෙස්ලා




ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?

පළමු ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්’ සහ දෙවැන්නට ‘නැත’ නම් මේ ලිපිය ඔබ සඳහායි.

උදේ තමයි, දැන් කියවන්න කම්මැලියිනම් පස්සේ කියවන්න Notepad හෝ Offline Save දාගන්න. හුඟක් වැදගත් වෙවි. මම පෞද්ගලික හුඟක් ගරැ කරන කෙනෙක්, ඒ වගේ ඔබ සැම සියළු දෙනා ගරැ කළ යුතු කෙනෙක් !

ඔබ දැන් Online පවා ඉන්නේ ඔහුගේ නිර්මාණ නිසාමයි !

නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.

ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.

දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.

කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි.

ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා “ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා” වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.

එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.

සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,ගිණිගැනීම් අධික වීම,ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම

ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.

ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.

එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා

“Tesla, you don’t understand our American humour”

“ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරේන්නේ නෑ”

එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.

දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.

මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම

ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.

එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ “ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා” එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.

අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.

මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).

ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා…

නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.

නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.

Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.

ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.

ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.

මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.

එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ

“Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents”

ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.

රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.

ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.

ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට එන්නේද නැත.

අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.

අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.

භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)

පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).

බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.

දුරස්ථ පාලකය.රැහැන් රහිත සන්නිවේදනය.නියෝන් ලයිට්.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය

ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?

ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර “මුළු ලෝකයටම රැහැන්‍ රහිතව” නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.

මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.

නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.

නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. විශේෂයෙන් කුරුල්ලන්ට හා අනෙක් සියළු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.

ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.